පකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) ගේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (23) දින රාවල්පිණ්ඩි, හමුදා මුලස්ථානයේදී වර්ණවත් හමුදා සම්මාන පෙළපාලියක් පිරිනැමු අතර ඉතා ගෞරවාන්විතව මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ඒකසත් ජනපද පැසිෆික් විධානයෙහි තොරතුරු සහාය වැඩිදියුණු කිරිමේ කණ්ඩායමේ දුත පිරිසක් යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ (ජනමාධ්‍ය) බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ඊයේ (23) දින මධ්‍යහ්නයේ දි හමුවිය.
උත්සව සමයේ මත්ස්‍ය අලෙවිය සියයට 68 දක්වාත්, ඉන් ලද ආදායම සියයට 74 දක්වාත් ඉහළ නැංවීමට ලංකා ධීවර සංස්ථාවට හැකි වු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ලංකා ධීවර සංස්ථාව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩිපුරම පාරිභෝජනය කෙරෙන මත්ස්‍ය විශේෂ 04ක් විශේෂ සහන මිලක් යටතේ අලෙවි කිරීමට තීරණය කළේය.
අප්‍රේල් මස 25 වන දින සිට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.