මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත් සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක්වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.
ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය සෑම වසරකම මාර්තු 15 වැනිදා ට ( හෙට) යෙදී තිබේ.
ශිෂ්‍ය ණය ආධාර ක්‍රමය සඳහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ අවසන් දිනය මාර්තු මස 20 දින දක්වා කල්තබා තිබෙන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.සී.දිසානායක මහතා පවසයි.
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ උපදෙස් පරිදි ලේ දන් දීමේ වැඩසටහනක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ සේවක සුබ සාධක සංගමය මඟින් සංවිධානය කර තිබේ.