පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ තවත් එක් පාලමක් දැරණියගල නින්දගම මාලිබොඩ ප්‍රදේශයේ මාගල් ගඟ හරහා ඉදිකිරීම සදහා මුල්ගල තැබීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ සහ අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිනි.
ඉදිරියටත් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන කටයුතු රැසක් සිදුකිරීමට නියමිත බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කරයි.
නොදියුණු සමාජයක පුරවැසියන්ට නව තාක්ෂණය ඔස්සේ භාෂණයේ හා ප්‍රකාශනයේ උපරිම නිදහස ලබා දීමේ හානිය අද රටක් ලෙස අපට අත්විදින්න සිදුවෙලා තියෙනවා. මේ නිදහස වල් බූරු නිදහසක් බවට පත්කර ගැනීම නිසා සමාජය විනාශය කරා ගමන් කරමින් තිබෙනවා. යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කීවේය.
පොලිස් සංස්කෘතික අංශයේ ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (14) පෙ.ව.11.00 ට සිදු කෙරේ.