මහනුවර දිස්ත්‍රික්කයේ, මහනුවර මහ නගර සභා සීමාව හැර අනෙක් ප්‍රදේශවලට අද (09) රාත්‍රි 8.00 සිට හෙට(10) අලූයම 5.00 දක්වා යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට නායකත්වය ලබාදිය හැකි බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජෙෆ්රි ඩී.ෆෙල්ට්මන් මහතා අද (09) දින අරලියගහ මන්දිරයේ දී හමු විය.
මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් පිටුපස සිටින අන්තවාදී කණ්ඩායම් කවුරුන්දැයි සොයා බැලිය යුතු බවත් මේ සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිෂමක් පත් කරන්නැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.