දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්වයේ සුළු වෙනසක් පෙබරවාරි මස 24 දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රි ලංකා නාවික හමුදාවේ විශ්‍රාමලත් නාවික හමුදා නිළධාරීන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් පිහිටුවා ඇති ”ශ්‍රි ලංකා නාවික හමුදා සංගමයේ ”සාමාජිකයන් සඳහා දියතලාව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට ඉඩමක අයිතිය නාවික හමුදා සංගමය වෙත භාරදීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරඟාවලිය -2018’ නව තරඟ වාර්තා පිහිටුවමින් අභිමානවත් අයුරින් ඊයේ(22) සන්ධ්‍යාවේ දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවිය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින් 17 දෙනා හැර මෙවර පළාත් පාලන ඡන්ද විමසීම අනුව පළාත් පාලන ආයතන සඳහා සභිකයින් 5075ක් තේරී පත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.