මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමා උගතෙක්, බුද්ධිමතෙක් ලෙස වගකීම් පැවරූ සෑම අවස්ථාවකදී ම දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සැබෑ මානවවාදියෙක් ලෙස කටයුතු කරනු ලැබූ බවත් උගතෙක්,බුද්ධිමතෙක් හා සැබෑ මානවවාදියෙක් ලෙස එතුමා සමාජය විසින් පිළිගත් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පිළිබඳ ශෝක යෝජනා අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.
නායකත්ව පුහුණු වැඩසටහනකදී විදුහල්පතිනියක මිය යෑමේ සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ඉල්ලා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.