නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය බවත් යහපාලනයේ අප ගත් උත්සාහයේ ප්‍රතිඵල තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුනානායක පවසයි.
කිසිම කෙනෙක් ආරක්ෂා කරන්න බලාපොරොත්තුවක් නෑ. අප රටට හා ජනතාවට අවංක වෙමු. රටේ වංචාවට දූෂණයට විරුද්ධව පෙළ ගැසෙමු. සියලු දෙනාට දඬුවම් ලබාදෙන්න ගන්නා පියවර ගැන රට තුළ ප්‍රසාදයක් තිබෙනවා යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
රට ඉදිරියට ගන්න නම් පවුල් වාදයෙන් ඉවත් විය යුතු බවත් යකඩ සපත්තුවට එදා අධිකරණය යට කර තිබුණු බවත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම රටේ පුරවැසියා බලපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භට පිරිස් විසින් දියත් කරන ලද ජංගම අක්ෂි සායනයක් මුලතිව් පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදි පසුගිය දා පැවැත්විණි.