70 වැනි නිදහස් සමරු උළෙලට සමගාමීව ජාතික නිදහසේ වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ ගාල්ල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අද (26) පෙරවරුවේ ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ දී පැවැත්වෙයි.
2017 වසරේදී ශ්‍රි ලංකා පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් සිදු වූ බවත්, ඒ සඳහා හොඳ අපනයන වෙළෙඳපොළක් ඇති වූ බවත්, 2017 වසරේදී පාවහන් හා සම්භාණ්ඩ අපනයනයෙන් රුපියල් මිලියන 18,480 ක් හෙවත් කෝටි 1,848 ක ආදායම් ලැබුණ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියිදීන් මහතා පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණය කටයුතු පැවැත්වෙන 2017 දෙසැම්බර් 9 දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 260ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ගුවන් යානා ඉන්ධන පැටවීම සඳහා අත්‍යවශ්‍ය වූ පෙරහන් පද්ධතිය කොලොන්නාව නිමාවේ ස්ථාපිත කිරීමට ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගම අද (25) සමත් විය.