ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පුළුල් කර ග්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.
වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසළතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් අරම්භ කළ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව යටතේ ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල අද (25) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය දැනුම හා කුසළතාවය නැංවීම උදෙසා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂිකව පිරිනමන ජනමාධ්‍ය ශිෂ්‍යත්ව දීමනාව ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.
2016 ට වඩා 2017 වසරේදී කර්මාන්ත හා ආහාර නිෂ්පාදන අංශය කැපී පෙනෙන සේ සංවර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ අනුව නිෂ්පාදන කර්මාන්ත අංශය 2016 ට වඩා 2017 දී සියයට 3.7 ක වර්ධනයක් අත්කරගෙන තිබෙන බවත්,ආහාර නිෂ්පාදන අංශය 2016 ට වඩා 2017 දී සියයට 4.5 ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.