පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වත්මන් ආණ්ඩුව බැදුම්කර සිද්ධිය විමර්ශනය කළ ලෙසටම 2008 සිට සිදු වූ බැදුම්කර සිදුවීම් සොයාබැලීමට කටයුතු කළ යුතු බවත් ඉතාම සැලසුම් සහගත ලෙස ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේ විවාදය කඩාකප්පල් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

    බැදුම්කර සිදුවීම සම්බන්ධව විමර්ශනය කළ ජනාධිපති කොමිෂමේ වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සතියක් තුළ ලැබෙන බව තමා වෙත දන්වා ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂමේ වාර්තාව ලබන 17 දින පාර්ලිමේන්තුවට ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත ලගිය වන්න මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් වෙලා. රජය හැමවිටම සිදු කළේ, පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීමයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි විමර්ශන ක්‍රියාවලියක් සාධාරණව,අපක්ෂපාතීව හා කඩිනමින් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙයයි.2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදු වී ඇති අවභාවිතාවයන් පිළිබඳව කඩිනමින් සෙවීමට ද අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya