බස් රථ සඳහා භූමි තෙල් නොදෙන ලෙස දන්වා තිබෙන බවත් එවැනි තෙල් නිකුත් කරන තෙල් පිරවුම්හල්වල බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බවත් පිරවුම්හල්වල තෙල් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
විදුලි බිල වැඩි නොකරන බවත් විදුලිය කිසිවිටෙක විදුලිය නොකපන බවත් බලශක්ති සංරක්ෂණයේ දී මෙගා වෝට් 500 ඉතිරි කරන්න බලාපොරොත්තු වන බවත් කසළවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඉන්ධන අඩු මිලට ලබාදීම හේතුවෙන් 2015 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන හැටනවයක පාඩුවක් සිදු වී ඇතැයි ද රටේ ඉල්ලුමට අනුව දිනෙන් දින බලශක්ති ඉල්ලුම වැඩිවෙමින් පවතින බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසයි.
විදුලි බල පද්ධතිය අඛණ්ඩ හා ගුණාත්මක ප්‍රමිතියෙන් ඉහළ විදුලි සැපයුමකට පරිවර්තනය කළ යුතු බවත් තරඟකාරීත්වය විදුලිබල පද්ධතියට ගෙන ආ යුතු බවත් විදුලිය සාධාරණ මිලකට ජනතාවට ලබාදිය යුතු බවත් රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂයේ විවාදයට අඳහස් දක්වමින් පැවසීය.