කළපු 116 සංවර්ධනයට වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් මේ වනවිට කළපු 10ක් සංවර්ධනය කෙරෙන බවත් වසර අවසානය වනවිට මත්ස්‍ය අපනයනය සියයට 44%ක වර්ධනයක් ළඟා කරගැනීමට කටයුතු කරන බවත් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක් පිහිටුවීමට බලාපොරොත්තු වාන් බවත් ඉදිරිකාලයේ එල්. ඊ. ඩී. බල්බ කෝටියක් මූලික ගෙවීමෙන් තොරව ලබාදීමට කටයුතු කරන බවත් ලෝකයේ අනාගතය සූර්ය බලය බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ධීවරයාගේ අභිමානය ආරක්ෂා කළ යුතු බවත් ජලජීවී වගාව දියුණු කිරීමට විශාල වැඩකොටසක් සිදු කරන බවත් නව තාක්ෂණය අනුව ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යා යුතු බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව වගකීමෙන් කටයුතු කිරීම නිසා පසුගිය දා ගිංතොට ඇති වූ සිදු තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.