කඳුකර ජනතාවට අවශ්‍ය සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා කඳුකර සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කරන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා
පවසයි.
රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ලබාදෙන භාෂා පුහුණුව අඛණ්ඩව සිදු කරන බවත් මේ වනවිට රාජ්‍ය නිලධාරීන් 30,000කට භාෂා පුහුණුව ලබාදුන් බවත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි තුන්වැනි වෙන් කළ දිනය (08) අදයි. විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද පැවැත්වෙයි.
පසුගිය රජය කිසිදු තක්සේරුවක් නොකර බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බවත් ඒ වෙනුවෙන් සතයක්වත් වන්දි ගේවා නොමැති බවත් මිලියන 1992ක් වන්දි ගෙවීමට තිබෙන බවත් මිරිජ්ජවිල සූරියවැව අඩි
සියය මාර්ගය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.