සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉතිහාසගතවන සේවයක් සෞඛ්‍ය සේවයට සිදු කර ඇති බවත් ඉතා කෙටිකාලයක් තුළ ගාල්ල කරාපිටිය රෝහල දියුණු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ජනතාව ආහාරයට ගන්නා තෙල් සම්බන්ධයෙන් ප්‍රමිතිය සොයාබැලීමේ වැඩපිළිවෙලකට යා යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.
නිවාස වැඩසටහන සම්ප්රදායකට කොටු වූ වැඩසටහනක් නොවන බවත් වසර 2020 වනවිට උදා ගම්මාන 2500ක් ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවත් මොහොත වන විට ගම්මාන 504ක් ඉදිකරමින් පවතින බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පුළුල් ලෙස මත්ද්‍රව්‍ය මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවත් බියර් හෝ අරක්කු භාවිතය සඳහා සහන දීම සුදුසු නොවන බවත් සිගරට් අරක්කු වලින් රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සුදුසු වන්නේ නැති බවත් නිදහස් සෞඛ්‍ය සේවය,නිදහස් අධ්‍යපනය හා කෘෂිකර්මාන්තය නැංවීමට රජයක් හැටියට කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.