පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පිඩාවට පත්ව සිටින සියළු ධීවර ජනතාව වෙනුවෙන් සැලසිය යුතු සහන කඩිනමින් සලසන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සියලු නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය.
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත විජේසේකර මහතා ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක් විය.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩ බලන පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.
අයහපත් කාලගුණය හෙතුවෙන් විපතටපත්වූ අයට රු.10,000.00 බැගින් වන්දි දීම අද (2) දිනයේ දීම සිදු කෙරෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.