අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස හා දේපළවලට හානි සිදුව ඇති දිස්ත්‍රික්කයන් හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සෙනසුරාදා සහ ඉරිදා දිනයේ දී විවෘතව තබන බවත් හානියට පත්වූවන් සඳහා වන්දි මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාදෙන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින ( OCKHI) සුළි කුණාටුව දිවයිනට කිලෝමීටර් 850 පමණ දුරින් පවති බවත් එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එබැවින් දිවයින කෙරෙහි එහි බලපෑම ක්‍රමයෙන් අඩුවේ යැයි අපේක්ෂා කෙරේ.
ගුරු සහායකයින් පුහුණු ගුරු සේවයට අන්තර්ග්‍රහනයට පියවර ...
ආපදාව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක්...
අගමැතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්...
ගුණාත්මක පානීය ජලය ලබාදීම ඉලක්කයයි...
''හරිත සවිය'' නමින් විශේෂ කෘෂිකර්ම වැඩසටහනක්...
යකඩ සපත්තුවට යට නොවන සංවර්ධනයක්...
කල්මුනේ,සමන්තුරේ ඇතුළු නගර සංවර්ධනයට යෝජනාවක්..
2030 තිරසර ඉලක්ක සාක්ෂාත් කරගැනීමට විශාල වගකීමක් පැවරී තිබෙන බවත් කල්මුනේ,සමන්තුරේ ඇතුළු නගර සංවර්ධනයට විශාල සංවර්ධන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.