සහල් ඇසුරුම් කවර නිෂ්පාදනය කිරීම සදහා පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ ඉදිකරන ලද නිව් රත්න පොලිසැක් කර්මාන්ත ශාලාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ(09) පස්වරුවේ විවෘත කෙරිණි.
''අප නව ව්‍යවස්ථාව සකස් කරනවා.මේ අලූත් ගමනක ගෙන යෑම එහි අරමුණයි.අප තවමත් නව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරනවා.අප මහානායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් ද ලබා ගන්නවා.මෙම ව්‍යවස්ථාව සාර්ථක කර ගැනීමට ඔබ සියලූම දෙනාගේ සහයෝගය අවශ්‍යයි'' යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මන්නාරම එළුදුර් ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර වැළැක්වීම සඳහා මහා ජලාශයක් ඉදි කිරීමට ලබන වසරේ ජනවාරි 08 වැනිදා වැඩ ආරම්භ කිරීමට තමන් සූදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
සංචාරක ආකර්ශනය නැංවීම සඳහා, ජලාශ්‍රිත සංචාරක බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමට අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පසුගිය දා බේරුවල ධීවර වරායේදී ආරම්භ විය.