නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් නොක්ස් රෝස් මහතා පසුගියදා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහත හමුවිය.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් පදනම් කර ගනිමින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් බේරුවල ධිවර වරාය පරික්ෂාවට ලක් කරන ලදි. එහිදි, වඳ විමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලබ ගණයේ මත්ස්‍ය විශේෂයක් වන පොල් කොළ මෝරු (Ocean white strip shark) ක්‍රිලෝග්‍රෑම් 114 ට්‍රෝලර් යාත්‍රාවක් තුළ සගවා තිබියදි අත්අඩංගුවට ගන්නා ලදි.
ගංවතුර හේතුවෙන් අවතැන් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීම පසුගිය දා සිදු විය.