පසුගිය දින කිහිපයක සිට මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ඇතැම් සමාජ වෙබ් අඩවි පුවත් පළ කරමින් සිටින අතර මෙලෙස සමාජ වෙබ් අඩවි හරහා රටේ ගෞරවණීය මහා සංඝරතත්නය අපහාසයට සහ අගෞරවයට ලක් කිරීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
අවස්ථාවාදී දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා සැලසුම් සහගතව යම් යම් නීතිවිරෝධී සිදුවීම් ඇති කර පසුව එම සිදුවීම් පදනම් කරගෙන ජන ජීවිතයට බාධාවන අයුරින් උද්ඝෝෂණ හා වැඩවර්ජන කිරීමට ද එම පිරිස් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව, ජාතීවාදය ඇවිස්සවීමේ සිද්ධි සහ 21 දින සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල අත්පත් කරගැනීමේ සිද්ධිය අනුව පෙනී යන බවත් රජය මේ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව රාමලාන් වතාවත් අපට සිහිපත් කර දෙනු ලබන බව අදට යෙදී තිබෙන රාමලාන් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.
ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට යෙදී ඇත