රණවිරු ස්මාරකය අබියස පැවති 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්විණි.
අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළ ඩෙංගු මර්ධන ත්‍රෛමාසික වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ මඟපෙන්විම යටතේ යුද්ධ හමුදා භට පිරිස් විසින් කළුබෝවිල ශික්ෂණ රෝහල සහ රාගම ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඩෙංගු රෝගීන් සඳහා වූ වාට්ටු ද්විත්වයක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
2017 වර්ෂයේ ගත වූ මාස 05 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 48368ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
“ වසර 25 කට ආසන්න කාලයක් තුළ කැළණිවැලි දුම්රිය මාර්ගයේ දෙපස සිදුවු අනවසර පදිංචිවීම් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවත්, පැවති රජයනුත් වගකිව යුතු යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.