රටේ ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට රජය උපදෙස් ලබාදී ඇතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පිළියන්දල දී පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඉතාමත් පැහැදිළි ලෙස සිදු කරමින් සිටින බවත් සම්පූර්ණ ජාවාරම් ජාලය අනාවරණය කරගැනීමේ මෙහෙයුම් සිදු කරන බවත් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
නව සියවසට ඔබින ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් රටට අවශ්‍ය ආර්ථික දියුණුව ඇති කිරීම සඳහා උපරිම ශක්තිය යොදවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
රටේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක විය යුතු බවට අද රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් නීතිය අවභාවිත කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොදෙන බවත් සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.