අමාත්‍යාංශ යටතේ පවතින ආයතන බෙදා දීම විද්‍යාත්මක පදනමක් මත සිදු කෙරෙන බවත් ආයතන ලබාදීමේ දී ජනතා අපේක්ෂා ඉටුවන විනිවිදභාවයක් ඇතිවන ආකාරයට සිදු කෙරෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ඉඩම් අමාත්‍යවරයා ලෙස තමන් තවත් ආයතන තුනක් ඉල්ලා ඇති බවට සිදු කර තිබෙන පුවත්පත් වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ජනමාධ්‍ය මර්ධනයට පනතක් ගෙන එන බවට සිදු කරන ප්‍රකාශය වැරදි මතයක් බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.