වෙසක් සතිය නිමිත්තෙන් දිළිදු වැඩිහිටියන් 100 දෙනෙකු හට උපස්ථාන කිරීමේ වැඩසටහනක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් නාරහේන්පිට ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී පැවැත්විණ.
2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගි වන ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රි ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
තෙවරක් සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් අප මාතෘභූමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වෙන රට ලෙසින් මෙවර පිදුම් ලැබීම, අප ලද විරල භාග්‍යයක් ලෙසින් සළකන බවත් එය සම්බුදු දහමේ ආශිර්වාදය ලැබූ පසු ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරව හිමිකරගත් විශිෂ්ට ජයග‍්‍රහණයක් බවත් අදට (10) යෙදෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කර සිටියි.
අප මාතෘ භූමියෙහි අනන්‍යතාවය සහ කීර්තිය අන්තර් ජාතික වශයෙන් ප්‍රචලිතවන මෙවර වෙසක් මංගල්‍යය ලොවටම ආදර්ශමත් වන ලෙස ප්‍රතිපත්ති පූජාවෙන් සහ බොදු හැඟීම් උද්දීපනය වන ආමිස පූජාවෙන් ද සැමරීම අප සතු වගකීමක් වන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (10) යෙදෙන වෙසක් මංගල්‍ය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.