රාත්‍රී කාලයේ රුධිරය ලබාගැනීමට පැමිණෙන නිලධාරීන්ගේ මුවාවෙන් යම් පිරිසක් එචි.අයි.වී ඒඩිස් ආසාදනය පතුරුවන බවට ඇතැම් සමාජ වෙබ් අඩවි මගින් සාවද්‍ය තොරතුරු පැතිරවීම පිළිබදව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්න් ඉල්ලා තිබේ.
දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවේ පැවැත්වීම බෞද්ධ රටක් ලෙස ජාත්‍යන්තර ලැබූ ජයක් බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
ගලන ගඟ ආපස්සට හැරවිය නොහැකි අයුරින් කුමන බාධක පැමිණියත් යහපාලන රජය ඉදිරියටම ගමන් කරන බවත්, රජය පෙරළීමේ වැඩ වර්ජනවලට බිය නොවන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.