පිලිපීන මුදල් අමාත්‍ය කාලෝස් ඩොමින්ගස් (Carlos Dominguez) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ජපානයේ යොකෝහමා නුවර පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය.
අනුරාධපුර හෙද විද්‍යාලයේ 2014 බී කණ්ඩායමෙි හෙදහෙදියන් සේවයට කැපවීමෙි උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර හෙද විද්‍යාල ශ්‍රවණාගාරයේ දී ඊයේ (07) පැවැත්විනි.
ආර්ථිකය දියුණු කිරීම සදහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘත වී තිබෙනවා.මුළු රටම අපනයන ආර්ථිකයක් මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අපේ අරමුණයි.ලෝක වෙළෙඳපොළ අපේ වෙළෙඳපොළ බවට පත් කර ගත යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථමවරට ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන Colombo Supercross – 2017 තරගාවලිය ඊයේ (7) වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් පැවැත්විණි.