ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාතංශයේ පුර්ණ දායකත්වයෙන් “දියවර 2017 ” බක්මහ උළෙල අති උත්කර්ෂවත් අන්දමින් තංගල්ල මැදකැටිය සුන්දර වෙරළ තිරයේදී අප්‍රේල් 16 වන දින දවස පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත .
දියතලාව, හෙළකදුරුගමුව " 2017 අපේ එකමුතු බක්මහා උළෙල " අප්‍රේල් මස 21 දින උදැසන 9.00 සිට හෙළකදුරුගමුව බේකරිය අසල දි පැවැත් වීමට කටයුතු සංවිධානය කර ඇත.
සාම්ප්‍රදායික සංස්කෘතික උරුමය අප දූ දරුවන් වෙත හඳුන්වා දෙමින්, අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරගැනීමද අප සතු වගකීමක් බව උදා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජයිකා මූල්‍ය ආධාර සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ ඉදිකෙරුණු නවීන ශල්‍යාගාර සංකීර්ණයකින්, දැඩි සත්කාර ඒකකයකින් මෙන්ම අධිකරණ වෛද්‍ය ඒකකයකින් සමන්විත පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.