හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා උදාර දේශපාලඥයෙක් ලෙස රටට කළ සේවය අති විශාලයි. දුරදිග දැකපු ඉතාමත් ම වටිනා දේශපාලඥයෙක් ලෙස එතුමා හැදින්විය හැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
lk domain Registry ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරන හොඳම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය තෝරාගැනීමේ තරඟාවලින් (Best Web.lk) ජයග්‍රහන රැසක් ලබාගැනීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට මුදාහරින රජයේ නිලපුවත් වෙබ් අඩවිය www.news.lk සහ www.dgi.gov.lk වෙබ් අඩවි සමත් වී තිබේ.
මුළු රටටම විශාල සේවාවක් කළ, සියලු දෙනටම සාමාන ලෙස සැළකූ, ඕනෑම වෙලාවක ජනතව සමඟ සමීපව කටයුතු කළ ආදර්ශවත් නායකයකු ලෙස අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක හදින්විය හැකි බව හිටපු කතානායක,පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.