2016 වර්ෂය සඳහා විගමණික පවුල්වල දුවා දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 554ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැය කළ බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
පාසල් මහා ක්‍රිකට් තරගවලදී පාසල් සිසුන්ට ප්‍රීති වීමට හා විනෝද වීමට ඇති අයිතිය පිළිගන්නා මුත් පාසල් පද්ධතියට හෝ සාමාන්‍ය ජනතාවට කිසිදු අපහසුතාවයකට හා කරදර වලට භාජනය නොවන ආකාරයට නීතිය හා සාමය පවත්වාගෙන යාම රජයේ ස්ථාවරය බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
"එක්වෙමු - ක්ෂය රෝගය දූරලමු" යන තේමාව ක්‍රියාවේ යෙදවෙන ලෝක ක්ෂය රෝග දිනය අදට (24) දිනට යෙදී තිබේ. ජර්මන් ජාතික විද්‍යාඥ වෛද්‍ය රොබට් කොක් විසින් 1882 මාර්තු මස 24 දින ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සොයාගැනීම සමරනු වස් පසු කාලීනව මෙම දිනය ලෝක ක්ෂය රෝග දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
"එක්වෙමු - ක්ෂය රෝගය දූරලමු" යන තේමාව යටතේ මෙවර ක්ෂය රෝග දින ජාතික උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර නගරයේ දී අද (24) පැවැත්වීමට නියමිතය.