සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සෘඡු අධීක්ෂණය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු මදූරු මර්දන සතියක් ඊයේ (22) සිට ආරම්භ විය.
අන්තර්ජාතික මානව විද්‍යාත්මක සහ මානව ශාස්ත්‍ර පර්යේෂණ දැනුම පිළිබදව විමසා බැලෙන රාජකීය ආසියාතික පර්යේෂණ සංගමයේ 10 වන මහා සම්මේලනය මාර්තු මස අද (23) හෙට සහ අනිද්දා යන තෙදින තුළ කොළඹ දී පැවැත්වීමට නියමිතය.
යුද්ධයේදී රට වෙනුවෙන් දිවි පිදූ හා ආබාධිත වූ රණවිරුවන්ගේ දූ දරුවන් 60 දෙනෙකුට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ඊයේ (22) කොළඔ පැවැත් උත්සවයකදී රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා පොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා ග්‍රාම රාජ්‍ය සංකල්පය යටතේ ගමේ පාසල, පන්සල, කෝවිල, පල්ලිය කේන්ද්‍ර කරගනිමින් සිදුවිය යුතු බවත් මානසික සංවර්ධනය ඇතිකර ගැනීමට හැකිනම් තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීම අපහසු නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.