විදේශ නඩුකාරවරු ගෙනැවිත් උසාවියේ නඩු ඇසීමට රජය කිසිවිටෙක එකඟ වී නොමැති බවත් එවැනි යෝජනාවකට සහයෝගය ලබාදී නොමැති බවත් එවැනි දෙයකට හවුල් වී නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රාජ්‍ය ආයතන විකුණා දැමීමේ කිසිදු සැලැස්මක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
මේ රටේ මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුවයි.පසුගිය රජය ලබාගත් ණය පිළිබඳව පාර්ලිමේන්තුවටවත් වාර්තා කර නෑ.පසුගිය රජය හිතුවක්කාර අන්දමට මූල්‍ය පාලනය සිදු කර ඇති බව පේන්නේ. ජනතා නියෝජිතයන් හෝ ජනතාව දැනුවත් කර නෑ. ඔවුන් විසින් පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය හෑල්ලුකර තිබෙනවා. 2015 වසරෙන් පසු ගත් ණය ගෙවනන් වැඩපිළිවෙලක් සකස් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.