දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි නායකත්ව ගුණාංගවලින් සහ පෞරුෂත්වයෙන් සපිරි තරුණ පරපුරක් බිහි කිරීම උදෙසා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ,රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යෞවනය, යොවුන් කඳවුරේ සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.
''වාණිජ රහස් මගින් ඉසුරින් ජීවත්වීමේ කලාව'' තේමාව කර ගනිමින් දකුණු පළාතේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානය වන රුහුණ විශ්ව විද්‍යාලය සහ දකුණු පළාත් සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ව්‍යාපාර සායනය සහ අධයාපනික හා වෙළඳ ප්‍රදර්ශනය මාර්තු මස 13 වැනිදා පෙ.ව.9.30 ට රුහුණ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස සරත් සන්ද්‍රසිරි විතාන මහතා නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීම නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී සිදුවිය.
දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන,සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.