වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව තේ, රබර් හා පොල් යන වැවිලි භෝග සඳහා පොහොර සහනාධාර ලෙස රුපියල් මිලියන 1,500ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ලෝක කවි දින හා රූකඩ දින සැමරුම් උළෙල -2017 මාර්තු මස 20 දින පෙ.ව 10.00 සිට ප.ව. 10.00 දක්වා කොළඹ, නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
2017 වර්ෂයේ ගත වූ මාස 03 තුළ දී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 21541 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ කොරීයානු සාගර හා ධීවර අමාත්‍යංශය අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන 375 (ඩොලර් මිලියන 2.5) ක් ප්‍රදානයක් ශ්‍රී ලංකාවේ ජලජිවි වගාව නගා සිටුවීම සඳහා ලබාදීමට එකඟ වී තිබේ.