විගමණික ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහන් මාලාවේ දෙවන අදියර මාර්තු මස 09 අද සිට 10, 11 හා 12 යන දිනවලදී ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ හා අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලදී පැවැත්වෙයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය, ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් එය ඉටුකරන කාර්ය භාරයේ කොටසක් වශයෙන්, ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික අවශ්‍යතා සපුරාලීමේදී හා අභියෝගවලට මුහුණ දීමේදී උපකාරී වන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ මාර්ගගත පාඨමාලාවක් සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට සුවිශේෂී පියවරක් ගෙන තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය සහ සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලත් බහළු දොඹකර ක්‍රියාකරවන්නියන්ගේ පළමු කණ්ඩායම ඊයේ (08) විසිර ගියහ.
සංවර්ධනය කිරීමේදී ස්වභාවික සම්පත්වලට අවම හානියක් වන පරිදි සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත මඟින් හැකි වන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.