පාර්ලිමේන්තුවේ යොජනා සම්මතයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු සේවය සතියක කාලයකට අත්හිටුවනු ලැබීය.
සභාවේ කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද දවසේ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වන තෙක් සභාවෙන් ඉවත් වන ලෙස කතානායක කරු ජයසූරිය මහතා දැන්වීය.
මහමැතිවරණයෙන් තරඟ කළ පක්ෂ හයට අමතරව නව පක්ෂයක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කිරීමට කතානායකවරයා ලෙස තමන්ටත් පාර්ලිමේන්තුවටත් කළ නොහැකි බවත් තමන් විසින් ලබාදුන් තීරණය වෙනස් කළ නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබාදෙන්නැයි සිදු කළ ඉල්ලීමට තම තීරණය ප්‍රකාශ කරමින් කතානායක කරූ ජයසූරිය මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට කල්තබන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.