නව ආයෝජකයින් පැමිණෙමින් තිබෙනවා. එයින් ආර්ථිකය ගොඩනැංවිය හැකියි. විපක්ෂයේ විවේචන සාධාරණ විවේචන විය යුතුයි. රටට බොරු කියමින් ජනතාව නොමඟ යනවා නම් රටට කරන අපරාධයක් වෙනවා. හොරකම් කරන්න අපි කිසිලෙසක ඉඩ තියන්නේ නැහැ යැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
වට්ටපු ආර්ථිකය ගොඩ ගනිමින් සිටිනවා. බැඳුම්කර සිදුවීම පිළිබඳ සෙවීමට කොමිසක් දැම්මා. කොමිෂම තුළින් සියල්ල හෙළිවෙනවා. පන්සල් ගානේ යන්නේ නැතුව උසාවි යන්න කියා අභියෝග කරනවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකශ කරයි.
නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමයන් දෙකක් අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
වසර 50කට පසු රත්මලාන ගුවන් තොටුපළින් ජාත්‍යන්තර වෙළෙඳ ගුවන්සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.