තරුණ නායකත්වය මේ රට ඉදිරියට ගෙන යෑමට අත්‍යවශ්‍යයි. තරුණ නායකත්වයට අප ප්‍රමුඛත්වය ලබා දෙනවා. සමාජයේ දක්‍ෂතාවයට නිසිතැන හිමිවිය යුතුයි. ඒ සමගම රටේ තරුණ කණ්ඩායම් සංවර්ධනයේ කොටස්කරුවන් කර ගැනීමටබලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ත්‍රස්තවාදය මුල්වන හිංසාකාරී අන්තවාදයට විරුද්ධ වීම පිළිබඳ ඉන්දියානු සාගර වටද්දර සංගමයේ ප්‍රකාශය පිළිගැනීමේදී ඉන්දියානු සාගර කලාපයේ සාමයට හා සෞභාග්‍යයට තර්ජනයක් විය හැකි ඕනෑම ආගමික, වාර්ගික කණ්ඩායමක්, සංස්කෘතියක් හෝ ජාතියක් සමග සම්බන්ධ ඕනෑම ආකාරයක හිංසන අන්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා සාමුහික වගකීම අමාත්‍යවරුන් සතුව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරයි.
2017 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා හඩ අවදි කරවීම සදහා වන පා ගමනක් පසුගිය ද කුරුණෑගල නගරයේ දී පැවැත්විණ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි පෞරුෂ වර්ධනයෙන් සහ නායකත්ව ගුණාංගවලින් හෙබි තරුණ පරපුරක් බිහිකිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව පැවැත්වීමට යෝජිත නායකත්ව තරුණ කඳවුරු වැඩසටහනේ, සමාරම්භක තරුණ කඳවුර පොළොන්නරුව රාජකීය විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.