වසර 2012 නොවැම්බර් 09 දින වැළිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම පිළිබඳව පොලීසිය විභාගකරගෙන යන බවත් සැඟවීමට කිසිවක් නොමැති බවත් පොලීසියේ වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආයෝජකයින්ට රටට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් ඔවුන්ට විවිධ සහන ලබා දී තිබෙන බවත් රටේ සෑම කොනකම සමබර සංවර්ධනයක් සිදු කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කියලා මාධ්‍ය සංදර්ශන නැති වුණාට අපේ රජය ගමට විශාල සේවයක් කර තිබෙනවා. ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වෙනත් රජයක් ක්‍රියාත්මක නොකළ වැඩකොටසක් අපට කරන්නට හැකි වෙනවා. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 28649ක් 2016 වසර තුළ දී ක්‍රියාත්මක කර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නියඟය නිසා සම්පූර්ණ සහල් ප්‍රමාණය නොලැබුණු නිසා මිල වැඩි වී තිබෙනවා. ජනතාව අපහසුතාවට මුහුණ දීම ගැන රජයක් හැටියට කණගාටුව ප්‍රකාශ කරනවා. වී ගොවියාට ද අසාධාරණයක් නොවන පරිදි සහල් මිල අවම සීමාවක තබාගනිමින් පාරිබෝගිකයාට උපරිම සහනය සැලසීමට රජය විසින් සෑම උත්සහයක් ම දරනු ලබනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.