රටේ ඇති වී තිබෙන නියඟ කාලගුණික තත්ත්වයට මුහුණ දීමට සියලු අමාත්‍යාංශ,ආයතන එක්ව පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කර තිබෙන බවත් දැනටමත් සියලු අමාත්‍යාංශ සඳහා උපදෙස් ලබාදී ඇති බවත් ජනාධිපතිතුමා සමඟ අද සවස සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
අපදා අවස්ථාවේ දී ජනමාධ්‍ය වගකීම පෙරදැරිව කටයුතු කිරීම වැදගත් බවත් ජාතියක් ලෙස එකට එක් වී නියඟ තත්ත්වයට මුහුණදීමට කටයුතු කිරීම වැදගත් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.
ස්වාභාවික ආපදා පිළිබඳ ජනමාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීම මූලික අරමුණ කරගනිමින් ආපදා තොරතුරු කේන්ද්‍රය නමින් විශේෂ ඒකකයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.
අක්ෂි කාච ජාවාරම නතර කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.