සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීම පිණිස තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය අද (08) කොළඹ, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
බලගතු ශ්‍රී ලංකාවක්, අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම කාටවත් නවත්වන්න බෑ. ශක්තිමත් ස්ථීර අනාගතයක් මෙතැනින් ආරම්භ කරනවා. තිරසර යුගයේ තුන්වන වසර ආරම්භ වන අවස්ථාවේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන්නා යෝධ සංවර්ධන සංග්‍රාමය අපි හම්බන්තොටින් පටන් ගන්නවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කරයි.
ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය ව්‍යාපෘතියේ වාසිය ලැබෙන්නේ පොදු ජනතාවටයිඅපි කරන්නේ ජනතා හානියක් නොවේ ජනතාවට සහනයක් ලබදීමටයි. මේ දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රැකියා උත්පාදනයයි. යොවුන් පරපුරේ අත්මිට සරු සාර කිරීමයි.රැකියා ප්‍රශ්නයට තිරසාර විසදුමක් ලබාදීමටයි. රැකියා ප්‍රශ්නය විසඳනවාට බංකොළොත් දේශපාලඥයින් බය වෙලා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය දකුණේ මහජනතාවට ලැබෙන විශල ජයග්‍රහනයක් බවත් හම්බන්තොට වරාය විකුණන්න්නේ නැති බවත් වරායේ ණය ගෙවාගෙන වරාය සංවර්ධනය කිරීමයි සිදු කරන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.