පොළොන්නරුව,තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලක්ෂ උයන සමෘද්ධි ආදර්ශ ගම්මානයේ නාම පුවරු විවෘත කිරීම හා හරිත උයන සඳහා පැල සිටුවීම සමාජ සවි බලගැන්වීම හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වෙයි.
දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත, වියළි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත් පවතිනබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැවතත් යුරෝපා වෙළෙඳපොළට ඇතුලූ වීම සඳහා ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබුණු බව ඊයේ අපට වාර්තා වුණා. මෙම සහනයත් සමග ඉදිරියේ දී අපට විශාල දියුණුවක් ලබා ගැනීමට හැකි වෙනවා.අප්‍රේල් - මැයි මාස වන විට අපට යුරෝපයේ අලූත් වෙළෙඳපොළට පිවිසීමට හැකියාව ලැබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ලුණුගම්වෙහෙර, වැලිගත්ත, 'ගජසමරගම' ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම අද (12) සිදු කෙරිණි.