හම්බන්තොට සංවර්ධනයට අදාළ ගිවිසුම හොර ගිවිසුමක් නොවන බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වරාය ගිවිසුම,තුනම සභාවට ඉදිරිපත් කළ විට වාද කිරීමට හැකියාව තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයේ අද (09) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.
වැඩි ආදායම් මාර්ග මෙරට නිර්මාණය කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. ජනතා බලාපොරොත්තු ඉදිරියට ගෙන යාමට අප කැපවී සිටිනවා.රැකියා නිර්මාණය කර ගැනීමට නම් දේශපාලන ස්ථාවර බවක් ඇති කර ගත යුතුයි.මේ ගත කරන්නේ අපේ සංවර්ධන යුගයේ පළමු අදියරයි.කොග්ගල කම්හලෙන් රැකියා 8000 ක් ලබා දීමට එකඟ වී තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ ක්‍රියාත්මකවන සුවිශාල සංවර්ධන ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකා- චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දී ආරම්භ කළේ ය.