2017 වර්ෂයේ ක්‍රීඩා දින දර්ශනය එළි දැක්වීම හා ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ලබා දීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
මත්පැන් සහ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ විට හදිසි අනතුරුවලට ලක්වීමේ ඉඩ වැඩි වී තිබෙන බවත් මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට විශාල හානියක් බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණයේ දී ඇතිවන ගැටලු අවම කරමින් නිවැරදි වාර්තාකරණයක යෙදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (29)මාධ්‍ය වැඩමුළුව පැවැත්විණි.
මත්පැන් සහ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගත්තත්,මාසික හා ශාරීරික ප්‍රශ්න මතුවෙනවා. මත්ද්‍රව්‍යයට අබ්බැහිවූවන් ලක්ෂ ගණනාවක් රටේ සිටිනවා. මත්පැන්වලට අබ්බැහිවූ විට ඔවුන්ගේ හෞදයට බලපානවා, ආමාශයට බලපෑම් සිදු කරනවා, ආහාර අරුචිය ඇති කරනවා, හදිසි අනතුරුවලට ලක්වීම වැඩි වී තිබෙනවා. සියදිවි නසා ගැනීම හා පුද්ගල ඝාතනවලට යොමු වෙනවා.
ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිහිය දුර්වල වීම, පෙනහලු රෝග, පිළිකා ඇතිවීම සිදු වෙනවා.කොකේන් වැනි මත්ද්‍රව්‍ය බටහිර රටවල තහනම් නිසා ශ්‍රී ලංකාව වැනි රටවල් හරහා බෙදා හරින්නට උත්සහ කරනවා. මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් මුදවා ගැනීමට අමාරු දෙයක් වන්නේ ඒ නිසා ඇතිවන රෝග ලක්ෂණවල බලපෑම අඩු කරගැනීමට තිබෙන අපහසුතාවය.රෝග විරාම ලක්ෂණ නිසාම, ඉන් මිදීමට මත්ද්‍රව්‍ය නැවත භවිත කරනවා.
අනෙක් භායනක කරුණ වන්නේ, මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම. ඉන් ඒඩ්ස් වැනි රෝග ව්‍යාප්ත වීමට බලපානවා. එන්නත් කරගන්නා මාත්‍රාව නිසා මත්ද්‍රව්‍ය විෂ වී මිය යනවා. මත්ද්‍රව්‍ය භාවිතය සමාජයට විශාල හානියක්. පවුල් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න,අපරාධ, රැකියා ස්ථානයේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මත්ද්‍රව්‍යයෙන් මුදවා ගනීමට විශාල සටනක් දියත් කර තිබෙන්නේ. දුප්පත් වීම, අඩු වයසින් මරණයට පත් වීම සිදු වෙනවා.මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් ලබන වසරේ විශාල ව්‍යාපාරයක් පටන් ගන්නවා යැයි ද මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊසාන දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණයේ දී ඇතිවන ගැටලු අවම කරමින් නිවැරදි වාර්තාකරණයක යෙදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.