කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණය භාවිතා කරන තරුණ ආකාර්ෂණයක් ඇති කිරීමට කටයුතු කරන බවත් දිනකට දියර කිරි ලීටර් 100ක් ලබාගත හැකි ලෙස දියර කිරි ව්‍යාපෘතියක් සඳහා තරුණ ව්‍යවසායකයන් බිහිකරන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විජේරත්න සකලසූරිය මහතා පවසයි.
2016 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51823ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
කොළඹ, ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ලක්ෂාන් ප්‍රනාන්දු මහතාට හා මුදිතා මිහිරානි යුවලට බිහිවූ සිව්නිවුන් දරුවන්ට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදලෙන් වසරක් පුරා මසකට රුපියල් දසදහසක පෝෂණ දීමනාවක් ලබා දෙන්නට සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා කටයුතු කළේය.
දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (06) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.