විදේශගත ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සදහා නීති රීති දැඩි කරන විට කූඨ ව්‍යාපාරිකයින් විදේශ රැකියා අමාත්‍යාංශයට නොයෙක් චෝදනා කරන බවත් කුමන අභියෝග පැමිණියත් විදේශ රැකියා සදහා පිටත්ව යන ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සඳහා ගනු ලබන පියවර ලිහිල් නොකරන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
දිවයිනේ බොහෝ පළාත්වලට වියළි සහ ශීත (උදෑසන සහ රාත්‍රී කාලයේදී ) කාලගුණ තත්ත්වයක් හෙට දිනයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නව වසරේ තමන්ගේ අඩු පාඩු හදාගෙන, යහපත් සේවාවක් ජනතාවට ලබා දීම සඳහා කැප වී කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ගැටළු විසඳා ගැනීමට අමාත්‍යාංශයට එන ධීවර ප්‍රජාව සතුටු කළ හැකි පිළිතුරක් ලබා දී, ඔවුන්ගේ ගැටළු විසඳීමට 2017 වසරේ සිහියේ තබා ගත යුතු යැයි, ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පවසයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.