මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමට විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට තම කමැත්තෙන් ම පුනරුත්ථාපන වැඩසටහනට සහභාගීවීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරන බවත් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පවසයි.
සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැවැන්ත වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් තරුණ ප්‍රජව දියුණු තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තයට දායක කර ගැනීම ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති කාර්යසාධක බලකායේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විජේරත්න සකලසූරිය මහතා පවසයි.
දිවයිනේ බොහෝ පළාත්වල වියළි සහ ශීත (උදෑසන සහ රාත්‍රී කාලයේදී ) කාලගුණ තත්ත්වයක් අපේක්ෂාකළ හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.
දැයේ දරුවන් ළමා හිංසනය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නටශා බලේන්ද්‍ර මහත්මිය පවසයි.