තෙදින ඩෙංගු මර්දන වැඩසටහන කණ්ඩායම් 750 ක සහභාගීත්වයෙන් දිස්ත්‍රික්ක 08 ක ක්‍රියාත්මක වන බවත් තමන්ගේ පරිශ්‍ර පිරිසිදුව තබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
මහජන ගැටළු විසඳීමේ ජංගම සේවාවක් අද (14) පන්නල නගර ශාලාවේදී පැවැත්වේ.
සමස්ත ලංකා සතොස ජාලය පරිගණක ගත කිරීම ඉදිරි මාස හය තුළ සිදුකිරීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ගාල්ල, බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය විසින් සිය 128 වැනි සංවත්සරයට සමගාමීව දෙවැනි වරට පැවැත්වූ “කිතුදෙව් ශිල්ප ප්‍රභා - 2016” අධ්‍යාපනික ප්‍රදර්ශනය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි.