තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද (24) දින ද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ප්‍රජතන්ත්‍රවාදය ශක්තිමත් වූ ගමනකට ආශිර්වාදයක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම ගමගේ මහතා පවසයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතින් රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බවත් තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබෙන බව තහවුරු කරන්නට පියවර ගෙන තිබෙන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
රටේ ජනතාවට තොරතුරු දැනගැනීම මූලික අයිතියක් වෙනවා. ඒ වෙනුවෙන් පනත් කෙටුම්පත ශක්තිය ලබාදෙනවා. මේ පනත ඵෙතිහාසික ගමන් මාර්ගයක ආරම්භයක් ලබාදී තිබෙනවා යැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.