වැට් බද්ද පදනම් කරගනිමින් රටේ විරෝධතා රැල්ලක් ගෙන යාමට විපක්ෂයේ අන්තවාදී කණ්ඩායම් උත්සහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හෝ ඉන් පරිබාහිරව රජය ණය ලබාගෙන නැති බවත් පාර්ලිමේන්තුවේ ණය ලබාගැනීමේ අනුමත සීමාව ඉක්මවා නැති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
මැතිවරණ වකවානුවේදී පමණක් නොව අන් වකවානුවලදී මාධ්‍ය සඳහා නියාමන ආයතනයක් අවශ්‍යයි. රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් පොදු නියාමනයක් අවශ්‍යයි.මැතිවරණ සංස්කෘතිය විනාශ වීමේ පාපායට බලයේ සිටි සියළුදෙනා වගකීව යුතු යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ඡන්දදායකයන්ගේ මූලික අයිතිවාසිකම් ගැන කතා කරන අවස්ථාවේ එය යට ගහන්න හදනවාද? දැන් තියෙන්නේ නිදහස් හා සාධාරණ ඡන්දයක් ගෙනි යන එකයි. පරණ ක්‍රමයට යනවද? මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ,යහපාලනය සඳහා වැදගත් කාරණා දෙකක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.එය කඩාකප්පල් කරන්න එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.