තොරතුරු දැනගැනීමට මේ රටේ ජනතාවට තිබෙන අයිතියක්.ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක්.කිසිම ආණ්ඩුවකට මින් පසු තොරතුරු හංගන්න බෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
තොරතුරු දැනගනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී මීට සුළු මොහොතකට පෙර දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය.
කිළිනොච්චිය ක්‍රිඩා සංකීර්ණයේ සහ පිහිනුම් තටාකයේ ඉදිකිරීම් 2016 අගෝස්තු මාසයට පෙර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
වසර 2020 දී අපනයන ඉලක්කය දෙගුණයක් කිරීමට කටයුතු කරන බවත් ''ධන සවිය'' ගෙවතු යෝජන ක්‍රමය යටතේ දිරිය කාන්තාවන් ලක්ෂ 10 සඳහා ගෙවතුවලට කෘෂි බෝග පැල නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.