ජනතාවට ප්‍රතිඵලදායි ලෙස තම ස්වාධිපත්‍ය රැකගන්නට,ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට නම් තොරතුරු දැනගනීමේ අයිතිය තිබිය යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.
අසූහතරදහසක් පමණ වන ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකරමින්,දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව විසඳුම් ලබාදීමේ ක්‍රියාවලිය රජය ආරම්භ කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.
රටේ අනාගතයට, ස්වර්ණමය අනාගතයක් උදාකරන,තොරතුරු දැනගැනීමේ අයිතිය,ජනතාවට දායාද කරන්නට ලැබෙන්නෙ වසර 2015 මේ රටේ සිදු වූ මාහැඟි විප්ලවය නිස බවත් තොරතුරු පනත ජනතාවට ලබාදීමෙන් දේශපාලන කැපවීම,රජය සතුව තිබෙන බව ලෝකයට පෙන්වා තිබෙන බවත් විනිවිදභාවයෙන් යුතු යහපාලන රජයක් බව සනාථ කරන තිබෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
තොරතුරු දැනගැනීමේ පනතක් ඉදිරිපත් කිරීම ජනතා ජයග්‍රහණයක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසයි.